18 June 2014



අතිශය කාර්මිකරණ වූ ලෝකය හමුවේ අප ආහාරයට ගන්නා බොහෝ ආහාර පිළිබඳ අපට විශ්වාසයක් තැබීම ඉතා අපහසු කරුණක්. සමහර ආහාර ද්‍රව්‍ය වල කල් ඉකුත් වීමේ දිනයක් සඳහන් වන නිසා එම දිනට පෙර භාවිතා කිරිමෙන් මෙම ගැටළුව යම්තාක් දුරට මගහරවා ගත හැක. නමුත් අප ආහාරයට ගන්නා එළවළු පළතුරු වල ගුණාත්මක භාවය පිළිබඳ 100% ක් සහතික විය නොහැක. මන්ද යත් එවා සඳහා විවිධ කෘෂි රසායන ද්‍රව්‍ය, කල් තබාගැනීමේ රසායන ද්‍රව්‍ය යොදා ගන්නා බැවිනි.

ඉතින් මෙවැනි ආහාර ද්‍රව්‍ය භාවිතයට පෙර ඒවා පිළිබඳ තත්ව සහතිකයක් ලබාගත හැකිනම් අප ගන්නා ආහාර විශ්වාසයෙන් යුතුව අනුභව කල හැක.

හිතන්න ඔබ වෙළද පොළෙන් මිලදී ගත් කැරට් අලයක්, එහෙම නැත්තම් පාන් ගෙඩියක්, එහෙම නැත්නම් අඹ ගෙඩියක්  ආහාරයට ගන්නවා කියලා. සාමාන්‍යෙයන් මෙවැනි ආහාර වර්ග පරිභෝජනයට පෙර කපා ගන්න අවශ්‍යයි.  මේ සඳහා අපි භාවිතා කරන්නේ පිහියක් නේ. නමුත් ඔබ ඒ සඳහා භාවිතා SMART පිහියක් නම් ඔබට ලැබෙන ප්‍රතිඵලය ටිකක් විතර වෙනස් වේවී. මොකද, මේ පිහියෙන් කැපෙන වැඩේ විතරක් නෙමේ කෙරෙන්නේ. කපන දේ ගැන විස්තර වාර්ථාවකුත් මේ පිහියෙන්ම ලබා ගන්න පුළුවන්.

මොනවද SMART පිහියෙන් ලැබෙන විස්තර?

මේ ලැබෙන විස්තර වාර්ථාවේ ප්‍රධාන වශයෙන් නැවුම්බව, පොෂ්‍යදායි බව, බැක්ටිරියා අසාධිත ද නැද්ද යන වග වැනි විස්තර ක්ෂණිකව පිහියේ ඇති තිරය මත දිස්වේ. උදාහරණයක් ලෙස ඔබ මෙම SMART පිහිය භාවිතා කර යම් කිසි ආහාර වර්ගයක් කැපිමට ලක්කලේ නම් එම ආහාර වල අඩංගු  ප්‍රධාන පෝෂක සංඝටක වන විවිධ විටමින් වර්ග, පිෂ්ඨය, මේදය කොපමණ ප්‍රමාණ වලින් අන්තර් ගත දැයි ප්‍රතිශතයක් ලෙස බලා ගත හැක.

මෙම SMART පිහියෙන් ආහාර වර්ග තොරතුරු කියනවා විතරක් නෙමේ. මෙහි ඇති විශේෂ නිෂේධක අයන (Negative Ion) භාවිතයෙන් ආහාර නරක් වීම පාලනය කරනවා. ඒ අනුව මෙම පිහියෙන් කපන ආහාර වල නැවුම් බව දිර්ඝ කාලයක් රඳවා ගත හැක. SMART පිහිය ඔබටත් ලඟදීම මිලදී ගත හැකි වනු ඇත.


0 comments: