16 June 2014


සිතන්න ඔබ ඔබගේ යහළුවන් සමඟ මුහුදු වෙරළේ විනෝද වෙමින් ඉන්නවා කියලා

ඔබගේ යාළුවන්ගෙන් කොටසක් මුහුදේ නානවා වෙන්න පුළුවන්, තවත් කොටසක් වෙරළේ හාන්සි වෙලා විඩා හරිමින් ඉන්නවා වෙන්න පුළුවන්, තවත් කොටසක් වෙරළේ ඔබ මොබ ඇවිදිනවා වෙන්න පුළුවන්, තවත් කොටසක් වෙරළේ ක්‍රීඩාවක නිරත වෙනවා වෙන්න පුළුවන්, මේ දර්ශන පෙළ එකට කැටිකොට ඔබට අවශ්‍ය නම් විඩියෝ මාධ්‍යයෙන් එය පටිගත කරගන්න පුළුවන්. නමුත් මේ දර්ශන සියල්ල එක ඡායාරූපයකට ගන්න අවශ්‍යනම් එය ටිකක් අපහසු කටයුත්තක්. නමුත් වර්තමානයේ භාවිතා වන ඩිජිටල් කැමරා වල ඇති panorama කියන පහසුකම භාවිතා කරලා යම්තාක් දුරට එය ඉටුකරගන්න පුළුවන්. නමුත් එය අපගේ අවශ්‍යතාව 100%ක් ම සපුරාලන්නේ නෑ.

ඔන්න ඔය අඩුව පුරවන්න තමයි අධි තාක්ෂණික කැමරා 36කින් සමන්විත මෙගාපික්සල් 108ක The 3D Ball Camera කැමරාව කරළියට එන්නේ. මෙමගින් යම්කිසි අවස්ථාවක් සියළුම දිශා ආවරණය වන පරිදි ඡායාරූපයට නගන්න පුළුවන්.

මෙම කැමරාව භාවිතය හරිම පහසුයි. මෙහි ඡායරූපයක් ගත හැකි ආකාර තුනක් තියෙනවා
  1. කැමරාව ඉහලට විසි කරන්න එවිට කැමරාව ගුවනේ ඉහලම ලක්ෂයට ලගා වුනාම ස්වයංක්‍රියවම අදාල අවස්ථාව සියළුම දිශා ආවරණය වන පරිදි ඡායාරූපයට නැගෙනවා.
  2. කැමරාව සමඟ ලබා දී ඇති කුරක් වැනි කොටස කැමරාවට සවිකොට එමඟින් කැමරාව ඉහලට ඔසවා ඡායාරූපය ලබා ගත හැකියි. (ඉහලට විසි කිරිමට තරම් ඉඩක් නොමැති අවස්ථාවක මෙය භාවිතා කළ හැක)
  3. කැමරාව මත ඇති බොත්තම ක්‍රියාත්මක කොට අවශ්‍ය ඡායාරූපය ලබා ගත හැක.

එම ඡායරූපය ත්‍රිමාණ ඡායාරූපයක් නිසා එය නැරඹිමට විශේෂ මෘදුකාංගයක් ලබා දී තිබෙනවා. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට එම මෘදුකාංගය ස්ථාපනය කරගත් විට The 3D Ball Camera තුළ ඇති 3D ඡායාරූපය ජංගම දුරකථනයට download වෙනවා. ඉන්පසු එම මෘදුකාංගය හරහාම එම ඡායාරූපය නරඹන්න පුළුවන්. ජංගම දුරකථනය එක් එක් දිශාවලට හැරවිමෙන් ඒ ඒ දිශාවලට අදාල ඡායාරූප කොටස තිරය මත දිස් වේවි. දැනට මෙම පහසුකම Android සහ iPhone දුරකථනවල පමණක් ලබාගත හැකිවන අතර මෙහි වටිනාකම ආසන්න වශයෙන් රු.70,000ක් පමණ වේ.


මෙම කැමරාව නිශ්පාදනය කර ආයතයේ නිල වෙබ් අඩවිය-
http://www.panono.com/ballcamera/

මෙම කැමරාවෙන් ලබාගත් ඡායරූපයක්
http://www.panono.com/v/2566/

ඔබගේ අදහස් උදහස් යෝජනා චෝදනා අප වෙත යෙමු කරන්න.


0 comments: