18 October 2014

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් යන්න පරිගණක භාවිතා කරන්නන්ට නුහුරු දෙයක් නොවේ. මන්දයත් ලොවපුරා බිලියන 1.5 ක ජනතාවක් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සෘජුවම භාවිතා කරන බැවිනි. ජීවිතයේ පළමු වතාවටම පරිගණක භාවිතා කරනා කුඩා දරුවාගේ සිට ලේඛකයන්, මාධ්‍යවේදීන්, ඉංජිනේරුවන්. වෛද්‍යවරුන්, විද්‍යායින් ඇතුළු එකි මෙකි නොකි සියළුම පරිගණක පරිශිලයකින් දැනුවත්ව හෝ නොදැනුවත්වම හෝ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සේවාව ලබාගනී.

වින්ඩෝස් 1 වලින් ඇරඹි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ගමන්මග වින්ඩෝස් 2, වින්ඩෝස්  3.0, වින්ඩෝස් 95, වින්ඩෝස් NT, වින්ඩෝස් 98, වින්ඩෝස් 2000, වින්ඩෝස් Me, වින්ඩෝස් XP, වින්ඩෝස් Vista, වින්ඩෝස් 7 හා වින්ඩෝස් 8 දක්වා  විවිධ සංස්කරණයන් ඉදිරිපත් කරමින් වසර 29ක් පුරා ආ ගමන සුළු පටු නොවේ. බිල් ගේට්ස්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි වින්ඩෝස්  මෙහෙයුම්  පද්ධතියේ නිර්මාණ අයිතිය  සතු මයික්‍රොසොෆ්ට් සමාගම ලැබු අතිවිශාල ලාභ හමුවේ සමාගම් ප්‍රධානියා ලොව ධනවත්ම පුද්ගලයා වීම පුදුම විය යුතු කරුණක් නොවේ.

වින්ඩෝස් 8 හි උණුසුම පහව යන්නත් ප්‍රථම පසුගිය සැප්තැම්බර් මස නිකුත් කරනු ලැබු වින්ඩෝස් 10 හි පළමු අදියර (Technical Preview) පරිගණක ලොව කතාබහාට ලක්වන කරුණක් බවට පත්වී ඇත. එය ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ වින්ඩෝස් 8 වලට පසු වින්ඩෝස් නිකුත් නොකර නවතම වින්ඩෝස් සංස්කරණය ලෙස වින්ඩෝස් 10 නිකුත් කිරිමයි. එසේ වීමට යම් කිසි ව්‍යාපාරික ‍හේතුවක් බලපෑවා ද විය හැක. කරුණු එසේ වුව ද වින්ඩෝස් හි නවතම සංස්කරණය වන වින්ඩෝස් 10 පිළිබද කරුණු සොයා බැලීම වටී. මන් ද යත් දැනට පරික්ෂණ මට්ටමින් නිකුත් වී ඇති සංස්කරණයක් වූවත් මයික්‍රොසොෆ්ට් සමාගම පවසන පරිදි 2015 පළමු කාර්තුවේ දී මෙහි දෙවන අදියර ලෙස සම්පුර්ණ පහසුකම් වලින් පරිපූර්ණ සංස්කරණය(full version) වෙළද පොළට නිකුත් වනවා ඇත‍. මෙම දැනට නිකුත් වී පරික්ෂණ මට්ටමේ සංස්කරණය නොමිලේ ම භාවිතා කර එහි ගුණ අගුණ තම පරිභොගිකයන් හරහාම ලබා ගැනීම ට සමාගම තීරණය කර ඇත.


මයික්‍රොසොෆට් සමාගම පවසන පරිදි වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පරිගණක සදහාම පමණක් නොව ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක සදහා ද සහය දැක්වීම හරහා තම මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පිරිස වැඩි කර ගැනීමට උත්සහ දරා ඇතිබවක් පෙනේ. ඒ අනුව පරිගණක මෙහෙයුම් පද්ධති දැවැන්තයා විසින් ජංගම දුරකථන / ටැබ්ලට් පරිගණක මෙහෙයුම් පද්ධති දැවැන්තයා වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට අභියෝගයක් වනවා නොඅනුමානය.

එනම් අඟල් 3ක තිරයක් සහිත උපාංගයේ සිට අඟල් 80ක තිරයක් සහිත උපාංගයක් දක්වාම උපාංගයේ මෙහෙයුම් කටයුතු භාර ගැනීම ට වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියට හැකියාව ඇති බව මනාව පැහැදිලි වේ. මෙම උපාංග අතර සමහරක් උපාංග අතේ ගෙන යා හැකි, සමහරක් උපාංග, එය භාවිතා කරන්නා අඩි 10ක් 15ක් එපිටින් පිහිටනවා විය හැක. තවද සමහරක් උපාංග සදහා දත්ත සහ විධාන ලබා දීමට මවුසයක් /යතුරු පුවරුවක් භාවිතා කරනවා විය හැක. තවත් සමහරක් උපාංග සදහා ස්පරශක තිරයක් (ටච් ස්ක්‍රීන්) එකක් භවිතා වන විට තවත් උපාංගයක් ඈත සිට හස්ත සංඥා භාවිතා කරනා විය හැක. මේ කුමන ආකාරයේ උපාංගයක් වුවත් ඒ සදහෘ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සහය දක්වන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

වින්ඩෝස් 10 හි ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකි නවතම ගුණාංග (new features)

ස්ටාර්ට් මෙනු
පැරණි වින්ඩෝස් සංස්කරණ (windows xp, windows 7) ස්ටාර්ට් මෙනුව දිගහැරෙනු ලබයි. නමුත් වින්ඩෝස් 8 සංස්කරණයේ ආකාරයටම ඇප්ස් සහ ලයිව් ටයිල්ස්, ස්ටාර්ට් මෙනුව මතම දිස් වේ.



සියළුම මෘදුකාංග සහ ඇප්ස් වින්ඩෝවක් ලෙසම ක්‍රියාත්මක කළ හැකි වීම
වින්ඩෝස් 8 තුල ඇප්ස් ක්‍රියාත්මක වීමේදී තිරය තුල එම ඇප්ස් හි ප්‍රමාණය, පිහිටිම වෙනස් කළ නොහැකි නිසා භාවිතා කරන්නන්ට පැන නැගුණු ගැටළු නිරාකරණය කරමින් සියළුම මෘදුකාංග සහ ඇප්ස් වින්ඩෝවක් ලෙසම ක්‍රියාත්මක වේ. ඒ අනුව ඇප්ස් තිරය තුල අවශ්‍ය ස්ථානයක ස්ථානගත කොට අවශ්‍ය ප්‍රමාණය ට සකස් කර ගත හැක.



පරිගණක තිරය බෙදා ගෙන වැඩ කළ හැකි වීම
තිරය උපරිම කොටස් 4කට බෙදා වෙන් කර තිබීම මගින් මෘදුකාංග/ඇප්ස් උපරිම 4ක් එකවර තිරය මත දර්ශන වීමට සැලැස්විය හැකි වීම තුලින් මිනිමයිස් (minimize) සහ මැක්සිමයිස් (maximize) කිරීම සඳහා ගතවන කාලය අවම කර ගැනීමට හැකියාව ඇත.



ඩෙස්ක්ටොප් කිහිපයක් තබාගත හැකි වීම
මෙතෙක් පැවති වින්ඩෝස්  සංස්කරණයන් හි එක් පරිශිලකයෙක්  (user) සඳහා ඩෙස්ක්ටොප් එකක් පමණි. නමුත් නවතම වින්ඩෝස් 10 සංස්කරණයෙහි එක් පරිශිලකයෙක්  (user) සඳහා ඩෙස්ටොප් කිහිපයක් තබා ගැනීමට හැකියාවක් පවති.


නවතම හැඩයකින් පැමිණෙන ටාර්ස්ක් බොත්තම
විවෘත වී ඇති ෆයිල්ස් සහ ඩෙස්ටෝප් අතර පහසුවෙන් මාරු වීම සඳහා මෙම ටාර්ස්ක් බොත්තම නවතම ආරකින් ක්‍රියාත්මක වෙයි.




පරිගණකය තුල ගබඩා කර ඇති ෆයිල් ෆෝල්ඩර් පහසුවෙන් සහ වේගවත්ව සොයා ගැනීමට හැකි වීම වින්ඩෝස 10 මෙහෙයුම් පද්ධතියේ තවත් විශේෂත්වයකි.

දැනට නිකුත් වී ඇති වින්ඩෝස් 10 හි පරික්ෂණ මට්ටමේ සංස්කරණය (Technical Preview) නොමිලේ ලබා ගැනීම සඳහා   http://windows.microsoft.com/en-us/windows/preview


සටහන - ඔෂේන් ජයසූරිය




0 comments: