3D Max, Maya වැනි
මෘදුකාංගයක් භාවිතා කර ත්‍රිමාණ වස්තූන් නිර්මාණය කරගැනීම සිදු කර ගත හැක. නමුත්
එම කාර්යය කේෂත්‍රයේ ප්‍රවීණයෙකුට වුවද තරමක් දුෂ්කර කටයුත්තකි. විශේෂයෙන් ඝනකය,
ඝනකාභය, ගෝලය වැනි මූලික ත්‍රිමාණ වස්තුන් ආධාරයෙන් නිර්මාණයක කල හැකි ත්‍රිමාණ
වස්තූන් ඉහත සඳහන් කර මෘදුකාංග භාවිතයෙන් තරමක් පහසුවෙන් නිර්මාණය කර ගත්තද,
සත්වයින් මිනිසුන් වැනි චරිත ත්‍රිමාණව නිර්මාණයේදී වැඩි කාලයක් වැය කළ යුතුම වේ.
නමුත් මෙම
ඩිජිටල් 3D
ස්කැනරය
හාවිතා කර 8” X
8” X
8” (
අඟල් 8ක් උස ,
අඟල් 8ක් පළල ,
අඟල් 8ක් දිග ) දක්වා වූ ඕනෑම ත්‍රිමාණ වස්තුවක් විනාඩි 12කට අඩු කාලයක්
තුල ත්‍රිමාණව ස්කෑන් කර පරිගණයට ඇතුල් කර ගත හැක. තවද එම ඇතුලත් කරගත් ත්‍රිමාණ වස්තුව
3D Max, Maya
වැනි
මෘදුකාංගයක් භාවිතා කර තවදුරටත් අවශ්‍ය පරිදි සංස්කරණය කර ගැනීමට ද හැකියාව ඇත.
අවශ්‍ය නම් එම ත්‍රිමාණ වස්තුව ත්‍රිමාණව සජිවීකරණය කිරීමට (3D
Animation),
එසේත් නොමැති නම් එම වස්තුව භාවිතා කර 3D Game
එකක් වුවද නිර්මාණය කරගත හැක. තවද 3D Printer
මඟින් එම වස්තුවෙහි පිටපතක් නැවතත් ත්‍රිමාණවම
ලබා ගැනීමට ද හැක.
මෙම 3D
ස්කෑනරය ebay.com හෝ amazon.com වෙබ් අඩවි හරහා ඇමරිකානු ඩොලර් 1000 වැනි මිලකට එනම්
රුපියල් 130,000 වැනි මිලකට ඇනවුම් කළ හැක.
0 comments:
Post a Comment