28 May 2014


අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම "ඉන්ටර්නෙට් මනී" (Internet Money) ලෙස අර්ථ දක්වමු. වර්තමානයේ දී මේ "ඉන්ටර්නෙට් මනීපිළිබඳ දැන්වීම් බහුලව දැකිය හැකිය. එසේම ඉතා විශාල මුදල් ප‍්‍රමාණයක් සොයා ගැනීමට හැකි බව ද එම දැන්වීම් මගින් ඔප්නංවා තිබේ. සෑම සතිඅන්ත පුවත්පතක ම ලුහුඩු දැන්වීම් තීරය මෙවැනි දැන්වීම් මගින් පිරී තිබේ.

ඇත්ත වශයෙන්ම මේ තරම් මුදල් "ඩොලර් සල්ලිනිවසේ සිට පහසුවෙන්ම ඉපයිය හැකි ද?

ලෝකයේ කිසිදු රටක් කිසිදු ආයතනයක් මේ අයුරින් මුදල් ගෙවීම් කරයි දපුදුම උපදවන කරැණක් නොවේද?

පිළිතුර හරිම සරලයි. "නොහැකමෙය අසත්‍යයකි.

කිසිදු වෙහෙසක් හෝ කිසිදු ශ‍්‍රමයක් කැප නොකර ලේසියෙන් පහසුවෙන් ඩොලරයක් සොයා ගැනීමට හැකි නම්එය පුදුමයක්ම නොවේ ද?

මෙය අවබෝධ කර ගැනීම හරිම පහසුයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ නුවණ මෙහෙයවීම පමණයි.

මුලින් ම මෙවැනි දැන්වීම් පළ කරන පිරිස පිළිබඳව විමසා බලමු:-

ඔවුන් මේ දැන්වීම් පළ කරනුයේ සති අන්ත පුවත්පත්වල ලුහුඩු දැන්වීම් තීරැවෙහි පමණයි. ඊට හේතුව මසක් පුරාම දැන්වීම පළවුවත් වැයවන මුදල රැපියල් 2000කි. (ලුහුඩු දැන්වීම් ගාස්තුව රැ. 500ක් නිසා* මේ තරම් මුදල් පහසුවෙන් සෙවීමට හැකි යැයි කියන අදාළ පුද්ගලයන්ට මීට වඩා පුළුල් දැන්වීම් මාධ්‍ය භාවිත කළ නොහැකි ඇයිඔවුන් එම ක‍්‍රමයට මුදල් උපයාගෙන නැතිවාවත් ද?

ඊළඟට මොවුන්ගේ නිල වෙබ් අඩවි සලකා බැලූවොත් ඒවා ඉතාම ආධුනික තත්ත්වයේ වෙබ් අඩවියි. ඩොලර් කොළ වැස්සක් අපේ හිස මතට ඇද හැලෙන ඡුායාරූප පිරී ඉතිරී තිබේ. කිසිදු කලාත්මක බවක් ඒවායේ දක්නට නොලැබේ. එසේම මෙවැනි වෙබ් අඩවියක් පළ කිරීම සඳහා වැය වනුයේ රැ. 5,000/-කට අඩු මුදලකි.

මේ "ඉන්ටර්නට් මනීපාඨමාලා යනු සූදුවකිමුලාවකි. බොරැවකි. මේ බොරැවට හසුවන්නේ නාගරික පිරිස් නොව ග‍්‍රාමීය පිරිසයි. එසේම විශ්වවිද්‍යාල සිසුන් අතර මෙය ඉතාම ජනප‍්‍රියයි. මන්දයත් තරැණ අවශ්‍යතා අසීමිත යඒවා පිරිමහන්න ඔවුන් අමතර ආදායම් මාර්ග සොයන හෙයිනි. විශේෂයෙන් ම කුරැණෑගල සහ රත්නපුර දිස්ත‍්‍රික්කවල මෙය ඉතාම ප‍්‍රචලිතයි. මේ දැන්වීන් පළකරන බහුතරය කුරැණෑගල ලෙස ලිපිනය සඳහන්කර තිබේ.

වර්තමානයේ මහජනතාව සතුව මුදල් අවශ්‍යතා අගහිගකම් ඉහළ ය. එහෙයින් විවිධ ලොතරැුයි කෙරේ ඇදී යයිඉතා ඉහළ පොලියක් ලබාදෙන බව පවසන ආයතනයන්හි මුදල් ආයෝජනය කිරීම සිදුකෙරේ. ඊටම සමාන දෙයක් ලෙස මේ "ඉන්ටර්නෙට් මනීපෙන්වා දීමට පුළුවන. මෙයට අසුවුන කෙනෙකු තවත් කෙනෙක්ට එහි තිබෙන ආදීනව නොපවසයි. "උත්සාහ කර බලන්නයැයි කියනු ලැබේ. නමුත් සමහරෙක් තම කටුක අත්දැකීම් ගැන අනෙක් අය දැනුවත් කරනු ලබයි.

කෙසේවෙතත් මෙම "ඉන්ටර්නෙට් මනීපාඨමාලා පවත්වන බව කියමින් කරන මංකොල්ලය දිගින් දිගටම සිදුවේ. රජයේ වගකිව යුතු ආයතන සහ නිලධාරීන් නිහ`ඩය.

අන්තර්ජාලය හරහා හොඳ වගේ ම නරකත් නොමිලේ ලැබේ. මෙවැනි මුදල් ගනුදෙනු කිරීමට පෙර අපි අන්තර්ජාලය පිළිබඳව බොහෝ හොඳ අධ්‍යයනයක් කළ යුතු වේ. "ඉන්ටර්නෙට් මනීපාඨාමාලා පිළිබඳ දැන්වීම්වල සඳහන් කරනුයේ තම ආයතනය මේ පිළිබඳ සියලූ රහස් ක‍්‍රම කියාදෙන බවයි. නමුත් ඔවුනටත් මේ ජාලයේ තිබෙන බොහෝ න්‍යායාත්මක කරැණු පිළිබඳ මනා අවබෝධයක් නොමැත. ඔවුන් දන්නේ මිනිසුන් අන්දන්නට පමණි. මේවා උගුල් ය. ඔබගේ රැ. 5000/-ක් ලෙහෙසියෙන් කඩාගෙනසී.ඞී. එකක් ලබාදී පැය දෙකක් තුනක් අන්තර්ජාලයේ මැජික් ටිකක් පෙන්වා. ඉන්පසුව"සර්/ මිස් දැන් ඔයාට පුළුවන් මේ සී.ඞී. එකේ තියෙන විදියට කටයුතු කරලා මනී හොයන්නගැටලූවක් උනොත් මට කතා කරන්නනැත්තම් අපේ වෙබ් සයිට් එකට එන්නයැයි පවසමින් ඔබේ මුදල් ලබාගනී.

මේ වැඩමුළුවල දී ඔබව දැනුවත් කරන මුදල් ඉපයිය හැකියි පවසන භයානක ක‍්‍රමවේද තිබේ. එයින් එක් ක‍්‍රමයක් Forex trading ය. මෙහිදී ඔබේ මුදල් අන්තර් ජාතික කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම සඳහා අන්තර්ජාලයේ තැරැව්කාර සමාගමකට මුදල් ආයෝජනය කළ යුතු වේ. පාඨමාලා පවත්වන මහත්වරැවත් මේ සොරැන් පිළිබඳ නොදන්නා බව අවධාරණයෙන් කිවයුතුයි.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකිද?

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කළ හැකියි. නමුත් එය කළ හැක්කේ ලෙහෙසියෙන් නොවේ. බොහෝ රටවල් මේ ක‍්‍රමයට මුදල් සොයා ගනී. ඒ නීත්‍යානුකූලවයි. ඉතාම විස්වාසවන්ත ලෙසටයි. ඉන්දියාව ඊට හොඳම උදාහරණයකි. ඉන්දියාවේ රජය සහ විශ්වවිද්‍යාල විසින් මේ පිළිබඳව රටේ ජනතාව නිතරම දැනුවත් කරනු ලබයි. නීති පවා පනවනු ලබයි.

බොහෝ බටහිර රටවල් තමන්ට අවශ්‍ය යම්යම් සේවාවන්සේවකයින්රට තුළට ගෙන්වා ගැනීමකින් තොරව විදේශ ශ‍්‍රමයසේවාව සාධාරණ ක‍්‍රමයන්ට අන්තර්ජාලය හරහා තුන්වැනි ලෝකයේ රටවලින් ලබාගනී. අප රටේ එවැනි සේවාවන් සපයන ආයතන මහා පරිමාණයෙන් සිදු කෙරේ. INNODATA Lanka ඊට හොඳ උදාහරණයකි. ඒ වගේම නිවසේ සිට ම රැුකියා කිරීමට හැකියාවකුත් තිබේ. නමුත්ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලිය යුතුය.

එවැනි එක් උදාහරණයක් ලෙස odesk.com වෙබ් අඩවිය දක්වන්න පුළුවනි. මේ අඩවිය හරහා ක‍්‍රම දෙකකට රැුකියාව නිරතවීමට පුළුවන. එනම් ඔවුනට අවශ්‍ය සේවා සපයන ආයතනයක් ලෙස (කණ්ඩායමක්*හෝ තනි පුද්ගලයෙක් ලෙසය. නමුත් ඔබව එක්වරව ඔවුන් බඳවා නොගනී. ඔබගේ දස්කම් පෙන්විය යුතු ය. Online විභාගයකින් සමත්විය යුතුය. විභාගය සමත්වීමෙන් පසු ඔවුන් ඔබව ශ්‍රේණිගත කිරීමකට ලක්කරයි. ඒ අනුව ඔබට වටිනාකමක් නියම වේ. පසුව ඔවුන්ට අවශ්‍ය කාර්යය නැත්තම් job එකක් (අවශ්‍ය සේවයක්* වෙන්දේසි කෙරේඔබ එම වැඩය අඩු වේතනයක් මත කිරීමට කැමැති නම්අන්තිම ලන්සුව ඔබ විසින් තැබිය යුතුය. ඒ අනුව එම job එක ඔබට ලැබේ. පාරිභෝගියා සමග Online සාකච්ඡා කර අදහස් හුවමාරැ කර ගනිමින්ම අදාළ සේවාව ලබාදීමට හැකිය. මුදල් ලැබෙන්නේ පාරිභෝගිකයා තෘප්තිමත් නම් පමණි. එසේම අන්තර්ජාතික මට්ටමේ බැංකුවක් ඔස්සේ මුදල් ලැබේ. තාමත් මෙම වෙබ් අඩවිය හොර බොරැ නොමැතිව ජනප‍්‍රියව පවති.

ඇයි එහෙම කියන්නේ?

සමහර වෙබ් අඩවි මගින් මුලදි අපිට හොඳ jobs ලබාදෙන අතර ඒවාට ගෙවිම් ද නිසියාකාරව කරනු ලබයි. නමුත් හිටිහැටියේ ම අතුරැදහන් වේ. මොවුන් ජාත්‍යන්තර සොරැන් ය. විදෙස් ගත නොවීම ඔබ "හොර බොස් කෙනෙකුට වැඩ කළා යැයි සිතාසිත හදාගත යුතුවේ.

පරිගණක පිළිබඳ මනා දැනුමක් නොමැතිවඅවම වශයෙන් ටයිප් කිරීමටවත් හැකියාවක් නොමැතිවහුදෙක්ම ඉක්මන්සහ පහසු ක‍්‍රමයන් මගින් මුදල් ඉපයීමේ අරමුණින් මෙවැනි "ඉන්ටර්නට් මනීවැඩමුළුවලට සහභාගිවීමෙන් වළකින්න. එයින් ඔබේ වටිනා මුදල් සහ කාලය නාස්ති කරගන්න එපා. "විශාල මුදලක් ඉක්මනින් පහසුවෙන් සෙවිය නොහැකියයන්න ඔබේ සිතෙහි තබාගත යුතු ම කරැණකි.




තොරතුරු තාක්‍ෂණය යන වචනය වර්තමානයේ දී බහුලව අසන්නට දකින්න ලැබෙන වචනයකි. වචනය අර්ථකථනය කරනවා නම්, තොරතුරු තාක්‍ෂණය යනු ‘‘පරිගණකය සහ විදුලි සංදේශන උපකරණ සඳහා තොරතුරු ගබඩා කිරීම, ආපසු ලබා ගැනීම සහ බෙදාහැරීම යන මාධ්‍යයන් පිළිබඳ පුළුල් හැදෑරීමයි.’’ මෙය තවත් සරලව කියනාවා නම් පරිගණක තාක්‍ෂණය සහ එමගින් සිදුවන තොරතුරු සන්නිවේදනය පිළිබඳ හැදෑරීමයි.

කුමන ආකාරයෙන් හැඳින්වුවත් තොරතුරු තාක්‍ෂණය අත්‍යවශ්‍ය අංගයක් වී හමාර ය. පරිගණකය මෙන්ම සෙලියුලර් දුරකථන ඔස්සේ නවීන උපාංග හරහා මේ තාක්‍ෂණය ඔබ වෙත පැමිණ අවසන් ය. ඔබ දැන හෝ නොදැන පල ප‍්‍රයෝජන ලබා ගනී. අපේ කාර්යයන් පහසු කරදෙයි, ක‍්‍රමවත්ව, නිවැරැුදිව කලට වේලාවට අදාල වැඩය කරදෙයි.

වෛද්‍ය විද්‍යාව, ප‍්‍රවාහන කටයුතු, බැංකු හා මූල්‍ය කරණය, අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය, ජනමාධ්‍ය, පුරා විද්‍යා ගවේෂණ, භූ ගර්භ පර්යේෂණ, මෙකී නොකී සියලූ ක්‍ෂේත‍්‍ර තොරතුරු තාක්‍ෂණය බීජ කරගෙන හමාරය.

විවිධ ක්‍ෂෙත‍්‍ර තුළින් අපවෙත ළංවූ මේ විෂයය පිළිබඳ අපි දැන සිටීම ඉතා වැදගත් ය. මේ විෂයය හැදෑරීම ඉතා පහසු ය. නමුත් වැඩිහිටි පිරිස අතර මේ පිළිබඳ විවිධ මත පවතී. විශේෂයෙන් මැදිවියේ පුද්ගලයෝ පරිගණක කෙරේ ඇල්මක් නොදක්වති. අමතකවීම, නුහුරුබවඕනෑවට වැඩිය සිතීම ආදී කරුණු නිසා හැදෑරීමට මැලිවෙති. විශේෂයෙන්ම technophobia හෙවත් තාක්‍ෂණික මෙවලම් කෙරෙහි පවතින භීතිය සහ අරුචිය මීට හේතුවයි.

නමුත් තරුණ තරුණියෝ සහ පාසල් වයසේ දරුවෝ මේ විෂය කෙරෙහි දැඩි ඇල්මක් දක්වති. පරිගණක විෂයෙහි මුළුමනින් ම ඇත්තේ විස්මය ජනක බවයි, හැදෑරීමෙන් ලැබෙන තෘප්තිය, කුතුහලය, ඒ වගේම තනිව සොයාගැනීම් කරමින් වීරක‍්‍රියා කිරීමෙන් ලැබෙන සතුට ආදී තෘප්තිමත් අත්දැකීම් නිසා කිසිලෙසකින් අලස බවක් නොෙදැනේ.

මේ විෂයය පිළිබඳ දැනුම, නාගරික පිරිස අතර ඉතා ඉහළ මට්ටක පැවතිය ද ග‍්‍රාමීය පිරිස අතර ඉතා දුර්වල මට්ටමක පවතී. තාක්‍ෂණය භාවිතය ඊට හේතුවයි. උදාහරණ ලෙස ගමේ ගොඬේ කඩයකට, පරිගණකගත කරන ලද සිල්ලර වෙළඳාම් ක‍්‍රමයක් අවශ්‍ය නොවේ. නමුත් නගරයේ සුපර් මාර්කට් එකට එය ඉතා අවශ්‍යයි.

මේ විෂයය බලහත්කාරයෙන් හැදෑරිමට නොහැකි ය. ඒ සඳහා දැඩි ඇල්මක් සහ ආශාවක් තිබිය යුතුය. ඔබ පාඨමාලාවක් මගින් මේ විෂයය පිළිබඳව හැදෑරීමට අදහස් කරනවා විය හැකි ය. එහෙත් වර්තමානයේ දී පාඨමාලාවක් හැදෑරීම යනු කරකාර බඳිනවා තරම් අමාරු කාරණයකි. මන්දයත් රටපුරා විවිධ නම්වලින් විවිධ ආයතනත්, එම ආයතන මගින් පාඨමාලා රැුසක් පවත්වාගෙන යාමත් නිසාය. කොයි කොයි ආයතනය හොඳ ද? කොයි පාඨමාලාව මගින් තමන්ගේ අපේක්‍ෂිත අවශ්‍යතා ඉටුවේදැයි කල්තියා දැනගැනීමට නොහැකි හෙයිනි.

තොරතුරු තාක්‍ෂණ පාඨමාලා පවත්වන පරිගණක ආයතන

පාඨමාලාවක් හැදෑරීමට ආයතනයක් තෝරා ගැනීම සඳහා උපකාරයක් ලෙස මේ කරුණු ඔබේ දැනුමට එක් කරමි.

ලෝකයේ ආහාර, ඇඳුම් පැළඳුම් ළඟට විශාල මුදලක් ඉපයිය හැකි මාර්ගය අධ්‍යාපනයයි. ඒ නිසාම පාඨමාලා කඩ සෑම තැනම ඇතිවේ. හතු පිපෙන්නා සේ උන්හිටිගමන් ආරම්භ කරයි. රහසේම වසා දමයි. උගන්වන ගුරුවරයා හේතු පාදකරගෙන ඉක්මනින් ජනප‍්‍රිය වන සමහර ආයතන ගුරුවරයාගේ නොවැළැක්විය හේතුවකින් දිගින් දිගට නොපැමිණීම නිසා වැසී යයි. මසකට රු. 500ක් හෝ රු. 1000ක් රු.1500ක් වැනි මාසික ගාස්තුවකට දින වකවානු හෝ පාඨමාලා විෂයය නිර්දේශ නොමැතිව කෙරීගෙන යයි. මේ කොයි තැනින් වුවත් යම් දැනුමක් නොලැබෙනවා ම නොවෙයි, නමුත් එය අසාර්ථක වෑයමකි. ශිෂ්‍යත්ව පාඨමාලා, එකවර ගෙවීමේ දී වට්ටම් ලබාදෙන පාඨමාලා, එක් පාඨමාලාවක් හැදෑරීමේදී තවත් පාඨමාලාවක් හදාරන විට විශේෂ වට්ටම්, ආදී විවිධ උපාය මාර්ග ඔස්සේ පරිගණක පාඨමාලා අලෙවි වේ.

පාඨමාලාවක මූල්‍යමය වටිනාකම ආයතයන් කිහිපයක් සමඟ සසඳා බැලීමේදී හාත්පස වෙනස් ය. බොහෝ ආයතන පාඨමාලා ගාස්තුව පිළිබඳවත්, කාල සීමාව පිළිබඳවත් සවිස්තරව තොරතුරු  ඕනෑම අවස්ථාවක ලබාදෙයි, නමුත් පාඨමාලාවේ විෂයය නිර්දේශය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදේ.

එකම ආයතනයේ ශාඛා දෙකක දී එකම පාඨමාලාවට ගාස්තු වටිනාකම් දෙකක් වීමට පුළුවන. උදාහරණයක් ලෙස මයික්‍රොසොෆ්ට් ඔෆිස් පිළිබඳව ඇති පාඨමාලාවට, certified for computer science, Higher study for office package ආදී වෙනත් නමක් ආරූඪ කරන අතර වටිනාකම් දෙකක් පෙන්වයි. නමුත් කොයි වර්ගයේ පාඨමාලාවට බඳවා ගත්තත් එකම ගුරුවරයා සියලූ දෙනාට ම එක ම පන්තියේ ඉගැන්වීම් කරයි.

සමහර ආයතනයන්හි පරිගණක විද්‍යාගාරයට ම ඇති පරිගණක ගණන 10කි. නමුත් මාසිකව සිසුන් 50ක් 60ක් පාඨමාලා හදාරණු ලබයි. පරිගණක යනු ප‍්‍රායෝගිකව හැදෑරිය යුත්තකි. නමුත් සිසුන් 50ක් පරිගණක 10කින් එකවර ඉගෙනීම් කරන්නේ කෙසේද?

පාඨමාලාවක් සඳහා නිර්දේශිත මෘදුකාංග (software) තිබේ. විද්‍යාගාරයේ පරිගණක සතුව ඒවා තිබිය යුතුය, නැතිනම් ප‍්‍රායෝගික කිරීමට නොහැකි ය. ඒ වගේම විද්‍යාගාර භාර ගුරුවරයා ඒවා පිළිබඳව මනා දැනුමකින් සිටිය යුතුය. නමුත් මේ පහසුකම් සහිතව පවත්වාගෙන යන ආයතන ඉතා අල්ප ය. බොහෝවිට විද්‍යාගාරයට ගුරුවරයෙකු නොමැත.

පරිගණක පාඨමාලා පවත්වන ආයතනත්, ටියුෂන් පන්තිත් අතර ඉතා ළඟ සම්බන්ධකමක් පවතී. බොහෝ විට ටියුෂන් පන්තියට අනුබද්ධිතව පරිගණක පන්ති ද පවත්වති. මේවායේ ප‍්‍රමිතිය මැනීමට මිනුමක් නොමැත.

ඉතා කුඩා පරිමාණ මෙන්ම ඉහළ ආයතනවල පවා කෙරන්නේ බොරුවයි. පාඨමාලාවට මුදල් ගෙවිය යුතු දෙමස ඇතුළත සිසුන් ට ආදරය කරන මේ ආයතන ඉන්පසු වෛර කරයි.

ඔබට මේ ආයතන හඳුනාගැනීමට ඉතා පහසුයි. මුලින්ම ඔබ තොරතුරු ලබාගැනීමට ඒ ඒ ආයතනයන් වෙත යා යුතුය. වැඩිහිටි අයෙකු (මව, පියා හෝ වැඩිමහල් සොයුරියක්* සමග යා යුතුය. ඔබ නිතරම සැලකිලිමත් විය යුත්තේ පාඨමාලා කාලය සහ විෂයය නිර්දේෂය පිළිබඳවයි. ඒ වගේම මේවායේ කළමනාකාරීත්වය ඉතා දුර්වල යි. බොහෝවිට අක‍්‍රිය විදුලි පංකා, වායුසමීකරණ යන්ත‍්‍ර, වයර් එල්ලෙන ස්ථාන, අවපැහැ ගැන්වුන ජනෙල් රෙදි, අපිළිවළ පොත් රාක්ක, මෙවැනි දෑ සඟවා තැබීමට නොහැකි ය.

මෙවැනි ආයතන ඔබගේ වටිනා කාලයත්, මුදලූත්, දියකර දමයි.

තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආයතන

තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පරිගණක, කළමනාකරණ සහ කාර්මික පුහුණු ආයතන පාලනය කරනු ලබයි. නමුත් මෙම ආයතනය යටතේ අදාළ ආයතන සිය කැමැත්තෙන් ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා කොමිෂන් සභාව විසින් අත්‍යවශ්‍යයෙන් තිබිය යුතුයැයි සැලකෙන පහසුකම් ලැයිස්තුවක් ලබාදෙන අතර, ඒවා සපුරන ආයතනයන් සඳහා පමණක් රජයේ බලයලත් ආයතනයක් ලෙස සහතික කරනු ලබයි.

http://www.tvec.gov.lk/institute-reg/index.php යන වෙබ් අඩවිය මගින් කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතන ලයිස්තුව බලාගැනීමට පුළුවන. මෙම පිටුව මගින් දැනට ලියාපදිංචි සහ ලියාපදිංචිය කල් ඉකුත් වූ ආයතන හඳුගැනීමට පුළුවන.

පාඨමාලාවක් නිවැරැුදිව පවත්වාගෙන යන්නේ නම් පහත ලක්‍ෂණ දැකිය හැකි ය.
  • ගුරුවරයා උගන්වන අවස්ථාවේ සිසුන් සතුව ද එක්කෙනාට එක බැගින් පරිගණක තබීම.
  • විද්‍යාගාරය තුළ ප‍්‍රායෝගික කිරීමේ පහසුකම් පාඨමාලාව පවත්වන දිනයේ දී හෝ ඊට පසුදිනම ලබාදේ.
  • සියලූම සටහන් මුද්‍රිත මාධ්‍යයෙන් සැපයේ.
  • සෑම පාඩමක් අවසානයේ දී ම ප‍්‍රායෝගික පැවරුමක් ලබාදේ.
  • නියමිත වේලාවට පන්තිය ඇරඹීම, ගුරුවරයා සියලූම මෙවලම් සහිතව පන්තියේ සිටීම.
  • විශේෂ වට්ටම්, බඳවාගැනීමේ ගාස්තු, ශිෂ්‍යත්ව නොමැති වීම.
  • පාඨමාලාව හැදෑරූ ආදි ශිෂ්‍ය ශිෂ්‍යවන්ගේ ප‍්‍රමිත සහිතකය.

ඉහත කරුණු හොඳින් අවබෝධ කරගෙන තොරතුරු තාක්‍ෂණය හැදෑරීමට වඩාත්ම සුදුසු ආයතනයක් තෝරා ගැනීම ඔබ වගබලාගත යුතුය.